Thursday, May 2, 2024

General line - 0115112241

ගංවතුර තත්ත්වයේ අඩුවක් - පළාත් රැසකට අදත් තද වැසි




අද දිනයේත් පළාත් කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ, ඒ සම්බන්ධයන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන. 

මේ අතර ගංඟා ද්‍රෝණි රැසක පැවැති ගංවතුර තත්ත්වය මේවනවිට පහව යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මල්වතු ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් ඉහළ යාමක් සිදුවනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යාව හා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර. 

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යාව හා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර. 

අයහපත් කාලගුණය හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. පවුල් 7,820 කට අයත් පුද්ගලයින්  23,638 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.