Thursday, May 2, 2024

General line - 0115112241

ගුරු උද්ඝෝෂණයට බාධා එල්ල කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති අත්අඩංගුවට

සමන් විජය බණ්ඩාර - කෑගල්ල




මාවනැල්ල පොලිසිය බලා සිටියදි මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනා අද පෙරවරුවේ මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස ඇතුලු සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනායි. 

පසුගිය 03 වැනි දින මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ ගුරු දෙමාපිය විරෝධයට බාධා කොට මැර තර්ජනය සිදු කර බව පවසමින් දිවයිනේ නම් දෙසින්  පැමිණී ගුරුවරුන් 900 කට වැඩි පිරිසක් පසුගිය 07 වෙනිදා මේඩේරිගම විද්‍යාලය අසලින් ආරම්භ කරන ලද විරෝධතාවය මාවනැල්ල පොලිසිය ද වටලා විරෝධතාවයක නිරත විය. 

එහිදි පොලිසිය පැවසුයේ අදාල උපසභාපතිවරයා සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තා කර ඉදිරි නිතීයමය ක්‍රීයා මාර්ග ගන්නා බවයි. එනමුත් ගුරුවරුන් පවසා සිටියේ ඒ සඳහා නිතීය ක්‍රීයාත්මක නොවුන බවයි. ඊට පසුව පසුගිය 09 වැනිදා මාවනැල්ල කලාපයේ සියලු පාසල් වසා දමා ගුරුවරුන් යලිත් මාවනැල්ල නගරයට පැමිණ උප සභාපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන් දෛනා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් දෙවැනි වරටත් මාවනැල්ල පොලිසිය වටලා විරෝධතාවයක නිරත විය. 

ඒ අනුව අද පෙරවරුවේ මාවනැල්ල පොලිසිය විසින් උප සභාපතිවරයා ඇතුලු කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුයේ ඔවුන් අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

කෙසේ වෙතත් අප මේ සම්බන්දයෙන් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාගෙන් විමසු විට එතුමන් පැවසුයේ විදුහල්පතිවරයාගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයට ඇතුලු වු බවත් තමන්ද එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු සහ ගමේ පාසල වන හෙයින් පිටස්තර පුද්ගලයන් එහි පැමිණ සිදු කරන විරෝධතාවයට විරුද්ධව එය නවතා දමන ලෙස එහිදි පැවසු බවයි.