Wednesday, May 1, 2024

General line - 0115112241

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව ලාබාලතම තැනැත්තා විවාහ වෙයි




නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව ලාබාලතම තැනැත්තා ලෙස වාර්තා අතරට එක්ව සිටින පකිස්තානයේ මලාලා යූසුෆ්සායි සිය විවාහය ගිවිසගෙන තිබෙනවා.

ඒ, එංගලන්තයේ බර්මින්හැම් හිදී නිකා චාරිත්‍රානුකූලව පැවැති චාම් උත්සවයකදියි.

එම උත්සවය සඳහා පවුලේ ඥාතීන් පමණක් සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මලාලා යූසුෆ්සායි සමග විවාහ ගිවිසගෙන ඇත්තේ අසර් මලික්. ආර්ථික හා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වන අසර් මලික් පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.

මලාලා යූසුෆ්සායි, ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණේ 2012 වර්ෂයේ පාකිස්තානයේදී පාසල් බස්රථයක් තුල තලෙයිබාන් සටන්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමත් සමගයි.

ගැහැණු දරුවන්ගේ පාසල් අධ්‍යාපන වෙනුවෙන් හඬනැගූ ඇය මේවනවිට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක්.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින මළාලා මේවනවිට සිය පවුලේ සාමාජිකයින් සමග පදිංචිව සිටින්නේ එංගලන්තයේයි.