Wednesday, May 1, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවයකයන්ගේ විශ්‍රාම යාමේ වයස නියම කිරීමේ පනත් කෙටුම්පතට අනුමැතිය




පෞද්ගලික අංශයේ සේවයකයන්ගේ විශ්‍රාම යාමේ වයස නියම කිරීමේ පනත් කෙටුම්පතට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ,  කම්කරු  අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.

පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් මෙතෙක් නියම කර තිබුණේ නැහැ.

එම සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීම සදහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය හා සේවක දෙපාර්ශවය අතර ඇති කර ගන්නා ගිවිසුමේ සදහන් කොන්දේසි මතයි.

මෙම පනත් කෙටුම්පත් මගින් එම සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.