Thursday, May 2, 2024

General line - 0115112241

යළිත් කොරෝනා ආසාදිතයින් ඉහළට




මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 700 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 718 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. ඊට බලපෑ හේතු පිළිබද එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මෙලෙස අදහස් පළ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කර නොතිබීමද ආසාදිතයන් ඉහළයාමට බලපා ඇති බවයි ඔහු සදහන් කළේ.

මේ අතර මෙරට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ඊයේ දිනයේ පුද්ගලයන් 8,262 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඒ අනුව මේ දක්වා පුද්ගලයන් 78,677 දෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති බවයි වසංගත රෝග විiා අංශය සදහන් කළේ.

කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයන් 8,705 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව පුද්ගලයන් 4,772 දෙනෙකුට ඊයේ දිනයේ ලබා දී තිබෙනවා.

මේ අතර පුද්ගලයන් එක්කෝටි 35 ලක්‍ෂ 91,413 දෙනෙකු මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව ද වසංගත රෝග විiා අංශය වැඩිදුරටත් සදහන් කළා.