Monday, May 6, 2024

General line - 0115112241

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්




ඉකුත් සති දෙකට සාපේක්‍ෂව මෙම සතියේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. 

ඊයේ දිනයේදී ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 716 දෙනෙකු වාර්තා වුණා. මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 22 ක්. 

ජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් පමණක් මෙම තත්ත්වය මගහරවා ගත හැකි බවයි පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේ මෙරට පුද්ගලයින් 5,113 දෙනෙකු සදහා කොරෝනා මර්දන එන්නතේ තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදී තිබෙනවා. ඒ අනුව බූස්ටර් මාත්‍රාව මේ දක්වා ලබාදී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 11,319 ක්. 

මෙරට පුද්ගලයින් එක් කෝටි 58 ලක්‍ෂ 74,038 දෙනෙකු සදහා මේ වනවිට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.