Monday, May 6, 2024

General line - 0115112241

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා රාජ්‍ය සේවකයින් වර්ජනයකට සැරසෙයි




මෙවර අයවැය යෝජනාවලියෙන් රාජ්‍ය නිලධාරීන් නොසලකා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සිය විරෝධය පළ කරනවා.

එහි ජාතික සංවිධායක වී ඒ පී බස්නායක සදහන් කළේ රාජ්‍ය සේවකයින්ට දීමනා ලබාදීමට ඉදිරි සති දෙක තුළ කටයුතු කළයුතු බවයි. එසේ නොකළහොත් නොදන්වාම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ග සදහා යොමු වන බවයි ඔහු සදහන් කළේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක වී ඒ පී බස්නායක.

කෙසේවෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සදහන් කළේ රාජ්‍ය සේවය රටට බරක් වී ඇති බවයි.