Wednesday, May 8, 2024

General line - 0115112241

සඳහිරු සෑය සසුනට පූජා කිරීමත් අද




අනුරාධපුරයේ ඉදි කෙරුණු සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්. 

30 වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භූමිය මුදා ගැනීම සඳහා දිවි කැප කළ රණවිරුවන් සිහි කිරීම උදෙසා සඳහිරු සෑය ඉදි කර තිබෙනවා. 

සඳහිරු සෑය ඉදිකිරීම් කටයුතු 2010 වසරේදී ආරම්භ කෙරුණේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

උස අඩි 283 කට ආසන්න සඳහිරු සෑයේ සම්පූර්ණ විශ්කම්භය අඩි 255 ක්. සසුනට අද පූජා කෙරෙන සඳහිරු සෑයේ විශේෂත්වයන් සම්බන්ධයෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙලෙස අදහස් පළ කළා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි.