Wednesday, May 8, 2024

General line - 0115112241

අල්ලස් ගත් තෙල්දෙණිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට




තෙල්දෙණිය දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අධිකරණ නියෝග මත දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාගත් අවස්ථාවේදීයි. 

තෙල්දෙණිය ප්‍රදේශයේ රජයේ බැංකුවක් අසල දී අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේ දී රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ වෝදනා කොමිෂන් සභාව සඳහන් කළේ. 

විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගේ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. 

අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරිය මහනුවර මහෙස්ත්‍රාතවරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.