Thursday, May 16, 2024

General line - 0115112241

වර්ධනය වීමකින් තොර එළවළු ආර්ථික මධ්‍යස්ථානවලට




නුවරඑළිය ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු නිෂ්පාදන එවීම සීමා කිරීමත් කර තිබුණද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) අලුයම කැරට්, ලීක්ස්, බෝංචි, අර්තාපල් වැනි එළවළු යම් මට්ටමකින් ලැබී තිබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

ලැබී තිබුණු සීමිත උඩරට එළවළු සදහා ඉහළ මිලක් පැවති අතර එහෙත් ඒවා මිලදී ගැනීම සඳහා පැමිණ වෙළෙන්දන් ගේ පැමිණීම අඩු වී ඇතැයි නුවරඑළියේ සිට එළවළු දඹුල්ලට රැගෙන ආ අතර මැදි වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අළුයම් කාලයේ ලීක්ස් කිලෝව රුපියල් තුන්සිය අනුවත් හාරසිය විස්සත් අතර මිලක් පැවති අතර කැරට් කිලෝවක් රුපියල් 240 සිට රුපියල් 300 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ අතර ඇතැම් ගොවීන් කියා සිටියේ නුවරඑළිය දීස්ත්‍රික්කයේ එළවළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන වලට ප්‍රවාහනය කිරීම සීමා කොට තිබුණද ඒවා නිෂ්පාදනය කළ ගොවීන් ගේ ඉල්ලීම් මත ආර්ථික මධ්‍යස්ථාන වලට රැගෙන ආ බවය.

නුවරඑළිය ප්‍රදේශ්යේ වගා කෙරෙන ලීක්ස් සහ කැරට් ආදී එළවළු වල ගුණාත්මක භාවය අඩු වී ඇතැයි එම ගොවීන් පෙන්වා දෙමින් කියා සිටියේ වෙනදා මෙන් නොව ලීක්ස් ,කැරට් හා අල ප්‍රමාණයෙන් ඉතා අඩු බව ය .

එමෙන් ම කුඩා අර්තාපල් වර්ධනය වීමකින් තොරව කැරට් අල පෙන්වා දෙමින් එම අතරමැදි වෙළෙන්දන් කියා සිටියේ අඩු අස්වැන්නට ඉහළ මිලක් ලැබී ඇති බව ය.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින පහත රට එළවළු වර්ග ලැබීම යම් මට්ටමකින් ඉහළ අගයක් ගෙන තිබුණි .

අළුයම් කාලයේ ආර්ථික මධ්‍යස්ථානය තුළ කැරට්, ලීක්ස් ,මාලුමිරිස් ,බෝංචි ,යන එළවළු වර්ග කිලෝවක් තොගමිල රුපියල් 250 සිට 450 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වීම සිදු වූ අතර වම්බටු, මෑකරල් ,දඹල, පතෝල, කරවිල, බණ්ඩක්කා, ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් එකසිය විස්සේ සිට රුපියල් 280 දක්වා මිල පරාසයක් යටතේ අලෙවි වීම විශේෂත්වයකි

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටී ගොවීන් රැසක් කියා සිටියේ එළවළු වගාව සඳහා අවශ්‍ය තෙල් පොහොර නොමැතිවකම මෙන්ම වර්ෂ අවසානයේ දී පවතින අයහපත් කාලගුණික තත්වය නිසා එළවළු හිග වීම සාමාන්‍යයෙන් සිදුවන බවය.

කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ව්‍යාපාරික ප්‍රජාව සිටියේ එළවළු නරක් වීම නිසා තමන්ට ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවය ඇතැම් ගොවීන් ඉතා සූක්ෂම ලෙස බර වැඩි කර ගැනීම් සඳහා පාවිච්චියට ගැනීමට නොහැකි වූ එළවළු වර්ග මැදි කිරීම ලීක්ස් වලට පස් ගුලි තැවරීම ආදී ක්‍රියාවන් නිසා තමන්ට වෙළඳාම් කටයුතු සිදුකිරීම දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවය.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි ව්‍යාපාරිකයෙකු කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මෙන්ම රටේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අතරමැදි වෙළඳ කණ්ඩායම් නිසා මෙතරම් එළවළු මිල ඉහළ යන බවය

ඒ පිළිබඳව විග්‍රහ කරමින් හෙළිදරව් කරන බවද කියා සිටි ඒ මහතා ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න අතරමැදි කණ්ඩායම් ඉතා සූක්ෂම ලෙස ගොවීන්ගේ එළවළු ලබාගෙන අවස්ථා දෙක තුනක් එම මධ්‍යස්ථානයේ ම තබාගෙන වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීම නිසා මෙතරම් එළවළු මිල ඉහළ ගොස් ඇති බවත් රජයේ ආරක්ෂක අංශ යොදා හෝ මෙම තත්ත්වය සොයා බැලීම්ට හැකි බවත් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම ව්‍යාපාරිකයා අත්දැකීම් සහිත හෙළිදරව් කරන බව සඳහන් කළේය.