Saturday, May 11, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාලම් පාරුවල තත්ත්වය ගැන පරීක්‍ෂණයක්




ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති පාලම් පාරුවල තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවේ අනාරක්‍ෂිත පාලම් පාරු සොයා ගැනීමට නාවික හමුදාවේද සහාය ලබාගෙන ඇති බවයි.

මගී ජනතාව ප්‍රවාහනය කරන සියළු මාධ්‍යයන් සම්බන්ධයෙන් ඉදිරි සතිය ඇතුළත පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් වැඩිදුරටත් පැවසුවේත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති පාලම් පාරුවලට අවසර ලබාදීමේදී ඉදිරියේදී දැඩි කොන්දේසි පැනවීමට තීරණය කර ඇති බවයි.