Tuesday, May 7, 2024

General line - 0115112241

වසර 200කට වඩා පැරණි වෛත්‍යක් නිදන් හොරුන්ට බිලිවෙයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




වසර 200කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන නාවුල මේල්පිටිය පුරාණ රජමහා විහාරස්ථානයේ  ඉපැරිණි චෛත්‍ය නිදන් හොරුන් විසින් විනාශ කර තිබෙනවා. 

මේල්පිටිය රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම නන්දසාර හිමියන් පැවසුවේ ඊයේ අඵයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් චෛත්‍ය හාරා එයට හානි කර ඇති බවයි. එම විහාරස්ථානය මීට පෙර අවස්ථා 04කදී නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති අතර මීට පෙර එක් අවස්ථාවකදී මෙම චෛත්‍යයටද නිදන් හොරුන් හානි කර තිබූ බව විහාරාධිපති හිමියන් පැවසුවා. 

සිද්ධිය  සම්බන්ධයෙන් නාවුල  පොලිසිය විමර්ෂණ ආරම්භකර තිබෙනවා.