Tuesday, May 7, 2024

General line - 0115112241

ඉඩම් ආරවුල් විසදන පනතක් ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට




ලබන වසර මුළදී ඉඩම් සංවර්ධන ආඥා පනතට සංශෝදන ගෙන එන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්. 

එම විවාදයේ  පස්වන දිනය වූ අද විවාදයට ගැනුනේ වැවිලි සහ ඉඩම් අමාත්‍යාංශවල සහ අපනයන ප්‍රවර්ධන, අපනයන විවිධාංගීකරණ, කුඩා බෝග වගා සංවර්ධන යන රාජ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂයි. එම විවාදය ආරම්භ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අදහස් පළ කළා. 

එම විවාදයේ පිළිතුරු කතාව කළ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මෙලෙස අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන කියා සිටියේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා ඉදිරියේදී නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බවයි.