Thursday, May 16, 2024

General line - 0115112241

මිනිස් පරිභෝජනයට නුදුසු අර්තාපල් රට පුරා බෙදාහරින ජාවාරමක් හෙළිවෙයි




ඉන්දියාව, පකිස්තානය සහ වෙනත් රටවලින් ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුදුසු අර්තාපල් රට පුරා මහා පරිමාණ සහ කුඩා හෝටල් සදහා බෙදාහරින ජාවාරමක් හෙළි කර ගෙන තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැලක සංවිධානාත්මක පිරිසක් එලෙස අර්තාපල් බෙදාහරින බවයි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සදහන් කළේ. කෙටි ආහාර සදහා බෙදා හරින එම අර්තාපල්  ගබඩා කර තිබූ ගබඩාව මුද්‍රා තැබූ බවද දඹුල්ල නගරාධිපතිවරයා සදහන් කළා.

එම ස්ථානයේ සිදුකළ වැටලීමේදී ගබඩාව තුළ පරිභෝජනයට නුසුදුසු අල කිලෝ 45,000 ක් පමණ තිබූ බවත් එහි සේවය සඳහා කාන්තාවන් 25 දෙනෙකු යොදවා සිටි බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙවන් ජාවාරම් මැඩපැවැත්වීමට ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනද මැදිහත්විය යුතු බවයි දඹුල්ල නගරාධිපතිවරයා පැවසුවේ.