Monday, April 29, 2024

General line - 0115112241

ලංකාවේ හොර මත්පැන් තුන්ගුණයකින් වැඩිවෙලා - මන්ත්‍රී ගයන්ත කියයි




ලංකාවේ සෞඛ්‍ය දර්ශක පහල යාමට ප්‍රධාන හේතුව නීති විරෝධි මත්පැන් භාවිතය ඉහල යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසවනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ පසුගිය කාල සීමාවේදී ලංකාවේ නීතිවිරෝධි මත්පැන් භාවිතය 300% කින් ඉහල ගොස් ඇති බවයි.ලෝක සෞඛය සංවිධාන වාර්තා වලට අනුව ලංකාවේ සමස්ත මත්පැන් පාරිභෝජනය ඉහල යාම 95% ක් බව ඔහු ප්‍රකාශ කරන ලදි.

නමුත් ලොව සෙසු රටවල් වල මත්පැන් පාරිභෝජනයේ ඉහල යාම 55% වන බැවින් ලංකාවේ මත්පැන් පාරිභෝජනයේ ඉහල යාම පිළිබද සැලකිලිමත්විය යුතු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂ පිලිබද විවාදයට එක්වෙමින්.

නීති විරෝධි මත්පැන් නිසා ජනතාව රෝගාබාධ වලට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහල මට්ටක පවතින බව ප්‍රකාශ කල මන්ත්‍රීවරයා සදහන් කලේ නීති විරෝදි මත්පැන් පාරිභෝජනය තුළ රජයට බදු ආදායම් අහිමි වන බවයි.

මෙම කර්මාන්තය නියාමනය කිරීමට හා ජාතික ප්‍රතිපත්තිටක් සැකසීමට අවශ්‍ය දත්ත හා තොරතුරු ලබාගැනීමට 2006 වසරේදී දුම්කොළ හා මත්පැන් පිළිබද නියාමන අධිකාරිය පිහිට වූවද ලංකාවේ මේ වන තෙක් ජාතික මට්ටමේ සමීක්ෂණයක් හෝ සංඝණයයක් සිදුව නොමැති බවයි.