Tuesday, April 30, 2024

General line - 0115112241

තවත් වසර 03 කට වාහන ආනයනය නතර වන ලකුණු




වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් වාහන කර්මාන්තයට සම්බන්ධව සිටි ලක්ෂ 04 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

 එහි ලේකම් ප්‍රසාද් කුළතුංග පැවසුවේ 2020 වර්ෂයේ මාර්තු 19 වනදා සිට මෙරටට වාහන ගෙන්වා නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බවයි.

පවතින තත්ත්වය සැලකීමේදී තවත් වසර තුන හතරක් යන තුරු වාහන ආනයනය කිරීම සිදු නොවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙම තත්ත්වය විසඳා ගැනීමට ක්‍රමවේදයක් නොමැතිද ?

ලබන වසරේ වාහන ආනයනය නොකරන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළේ.