Tuesday, April 30, 2024

General line - 0115112241

ඩොලර් සංචිත රට දුවන්න මදි - විද්වතුන් අනතුරු අඟවයි




මේ වන විට රටතුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය රටේ ඉදිරි පැවැත්මට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්්‍ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඉදිරියේදී භාණ්ඩ හිඟවීමක් සහ ආනයනික සීමා දැඩිවීමක් සිදුවිය හැකි බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමෙන් ශ්‍රී ලංකාවට විසදුමක් ලැබේද ?

මේ මොහොතේ ගත හැකි හොඳම විසදුම කුමක්ද ?

නොවැම්බර් මාසය වන විට මෙරට නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,587ක් වන බව පාර්ලිමේන්තුවේදී ඉකුත්දා අනාවරණ කෙරුණා.

ඒ අතරින් පවතින විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,009යි දශම 5ක් වනවා.