Tuesday, April 30, 2024

General line - 0115112241

බදු වංචාවකට චෝදනා ලැබූ ව්‍යාපාරිකයෙකු ගුවන් තොටේදී ආපසු හරවා යවයි

ටී.කේ.ජී.කපිල - කටුනායක




කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ගුවන් ගමන් තහනමක් පනවා තිබූ මෙරටට වාහන ආනයනය කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන පෙල ව්‍යාපාරිකයෙකු අද දින අලුයම ඩුබායි බලා පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා අද දින අලුයම 02.55 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යෑම සදහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා රේගුවට බදු වංචා කරමින් වාහන 110ක් පමණ මෙරටට ගෙන ඒමට තැත් කිරීම පිළිබඳව මෙම ව්‍යාපාරිකයාට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම අධිකරණය මගින් මෙම ගුවන් ගමන් තහනම මෙම ව්‍යාපාරිකයාට එරෙහිව පනවා තිබේ.

මෙම ව්‍යාපාරිකයා සංචාරක වීසා යටතේ ඩුබායි වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.