Tuesday, May 7, 2024

General line - 0115112241

හොංකොං ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක් : පුද්ගලයින් 300ක් කොටුවෙයි




හොංකොං හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති වූ හදිසි ගින්නකින් එහි ඉහළ මාලයේ පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් සිරවී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ගින්නෙන් ඇතිවූ දුම ආඝ්‍රාණය කිරීමෙන් මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ගින්න තවමත් පවතින බවත් ගිනි නිවීමේ සේවකයින් හදිසි ඉණිමං භාවිතා කරමින් ගොඩනැගිල්ලේ සිරවී සිටින ඇතැම් පුද්ගලයින් බේරා ගැනීමට පියවර ගනිමින් සිටින බවයිහොංකොං මාධ්‍ය සඳහන් කර සිටියේ. 
 
මහල් 38කින් යුත් ලෝක වෙළෙද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ සිරවී සිටි පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් මේ වන විට බේරා ගැනීමට සහන සේවකයින් පියවර ගෙන ඇති බවත් එහි 05 වන මහලේ සිරවී සිටින 100කට ආසන්න පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ පළමු මහලේ මෙම ගින්න හටගෙන ඇති බවත් එහි මේ වන විට අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.