Thursday, May 16, 2024

General line - 0115112241

දලයිලාමා වහන්සේගෙන් ථේරවාද භික්ෂූන්ට දෙදින සාකච්ඡා සමුළුවක්




උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දලයි ලාමා වහන්සේ විසින් ථෙරවාදී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ දෙදින සාකච්ඡා සමුළුවක් පැවැත්වූවා.

 සමුළුව ඊයේ සහ අද  මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ ඉන්දියාවේ, හිමාචල් ප්‍රදේශයේ, ධර්මශාලා නුවර උන්වහන්සේගේ  ආශ්‍රමය කේන්ද්‍ර කරගෙනයි.

ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ ථේරවාදී සංඝයාවහන්සේ දහසකට අධික පිරිසක් මීට එක්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි සංවිධාන කටයුතු සිදු කළේ ශ්‍රී ලංකා ටිබෙටි බෞද්ධ සහෝදරත්ව සංගමයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි,  අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහ නාහිමි, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි, පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි  පුමුඛ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ 600 නමක් මේ සදහා එක්ව සිටියා.