Saturday, May 11, 2024

General line - 0115112241

මිතුදම රැකගන්න චීනයට පොහොර වන්දිය ලබාදිය යුතු බව ඇමති ජොන්ස්ටන් කියයි




ආන්දෝලනයට තුඩුදුන් පොහොර තොගය පිළිබඳ ගැටලුව චීනය සමඟ මිත්‍රශීලීව විසදාගත යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. 

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ චීන පොහොර සමාගමට ගෙවීමට තීරණය කළ අමෙරිකානු ඩොලර් මිලියන 6 යි දශම 7 ක මුදල ගෙවා නීත්‍යානුකූලව අදාළ පොහොර ගැටලුව විසදාගත යුතු බවයි.

පලාත් පාළන මැතිවරණය සහ යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට අමාත්‍යවරයා එහිදී මෙලෙස පිළිතුරු ලබාදුන්නා.