Saturday, May 11, 2024

General line - 0115112241

තවත් ගෑස් පිපිරීමක්




නාවලපිටිය, වැරැල්ලපතන ප්‍රදේශයේ නිවසක ගෘහස්ථ ගැස් සිලින්ඩරයකට සවි කර තිබු ගෑස් උඳුනක් පුපුරාගොස් තිබෙනවා. 

ආහාර පිලියෙල කරමින් සිටියදි එකවරම ගැස් උදුන පුපුරා ගිය බවයි නිවෙස් හිමියා පැවසුවේ. පිපිරිමෙන් ගෑස් උඳුන සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති අතර පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නැහැ. 

නාවලපිටිය ප්‍රදේශයේ ලිටේ්‍රා් ගෑස් අළෙවි නියෝජිතයෙකුගෙන් එම ගෑස් සිලින්ඩරය නිවෙස් හිමියා මීට සතියකට පෙර මිලදී ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.