Friday, May 10, 2024

General line - 0115112241

කතරගම දේවාලයේ රන් තැටිය ගැන හතරදෙනෙක් ප්‍රකාශ දෙයි 




කතරගම දේවාලයට පූජා කර තිබූ රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් අද දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. 

එම පුද්ගලයන් සිව් දෙනාට අද දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා. කතරගම දේවාලයේ පත්තිනි දේවාලයේ කපු මහතෙකු වන උපුල් නමැත්තා අද දිනයේ  කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබාදී ඇත්තේ දෙවන දිනටයි.

කැරට් 21 රත්තරන්වලින් නිපදවූ පවුම් 36 ක බරකින් යුත් බව කියන අතුරුදන්වූ රන් තැටිය ඉකුත් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කර තිබුණා. මෙම රන් තැටිය අතුරුදන්වීමත් සමඟ ඇයගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

එම රන් තැටිය අතුරුදන්වීමත් සමඟ විමර්ශණ ආරම්භ කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝම්බර් 26 වනදා එල් එම් ජී අජිත් පුෂ්පකුමාර නමැති අයෙකු විසින් එම රන් තැටියට සමාන රන් තැටියක් කතරගම දේවාලයට භාරදී තිබුණා. එම රන්තැටිය අතුරුදන්වූ රන්තැටියදැයි සොයා රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමටයි කොළඹ අපරාධ කොට්ඨාසය තීරණය කර ඇත්තේ. 

ඒ අනුව එම රන්තැටිය කතරගම දේවාලයට භාරදුන් පුද්ගලයා සහ එය සකස් කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ද අද දිනයේද ප්‍රකාශ සටහන් කර ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කළේ.