Saturday, May 11, 2024

General line - 0115112241

වත්මන් ආණ්ඩුව විපක්‍ෂයට යාමට සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කියයි 




ජනතාවට ජීවත් විය හැකි ආර්ථික වටපිටාවක් නිර්මාණය නොකළ හොත් වත්මන් ආණ්ඩුව විපක්‍ෂයට යාමට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා. 

වත්මන් රජයේ සිටින ඇතමුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය නොදක්වන තත්ත්වයක්ද දක්නට ලැබෙන බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

රට ගොඩනැගීමට පෙර රජය පිළිබද ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතු බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසුවේ රට ගොඩනැගීමට පළමු සිදුකළ යුත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් බවයි. 

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් උපදේශකවරුන් සම්බන්ධයෙන්ද තීරණයක් ගතයුතු බවයි.