Friday, May 10, 2024

General line - 0115112241

අනුෂ පැල්පිට ට නව තනතුරක්




ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ජනාධිපතිවරයා විසින් නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. 

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ අනූෂ පැල්පිටයි. ලබන ජනවාරී 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ. 

අනූෂ පැල්පිට මීට පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරය මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් අමාත්‍යාංශ ලේකම් ධූරය ඇතුලු තනතුරු රැසක් හොබවා තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා ලෙස කටයුතු කරන ජගත් පී විජේවීර මේ මස 31වනදා විශ්‍රාම යාමට නියමිතයි. 

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී එම් එල් ඩී බණ්ඩාරනායක පත්කර තිබෙනවා. ඒ, වහාම ක්‍රියාත්මකවන පරිදියි.