Friday, May 10, 2024

General line - 0115112241

යුරෝපයට ඕමික්‍රොන් කුණාටුවක්




ප්‍රංශයෙන් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව සිග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයෙන් මේවනවිට අළුතින් හඳුනා ගැනෙන සෑම කොරෝනා ආසාදිතයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි. 

ඒ අනුව ප්‍රංශය තුල මේවනවිට ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ ප්‍රතිශතය සියයට 10 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එළඹෙන නත්තලෙන් පසුව රට කැළඹිලි කලාපයකට ඇතුලු වනු ඇති බවයි ප්‍රංශ රජය පැවසුවේ. කෙසේවෙතත් ඊට එරෙහිව සටන් කිරීමට ප්‍රංශයට හැකි බව ද බලධාරීන් පවසනවා. 

මේ අතර ඉදිරියේදී ප්‍රංශයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. ජනවාරි මුල්භාගය වනවිට ප්‍රංශය තුළ පැතිරෙන ප්‍රධානතම කොරෝනා වෛරස් ප්‍රභේදය ඔමික්‍රෝන් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ. 

මේ අතර ප්‍රංශය තුළ කොරෝනා මර්දන එන්නත් බලපත්‍රයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළඹෙන සතියේදී පැවැත්වීමට නියමිතයි. 

දැනට පවතින සෞඛ්‍ය අවසර පත්‍ර ක්‍රමය එන්නත් අවසර පත්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා නීති කෙටුම්පතක් ද එළඹෙන ජනවාරි මස මුලදී ප්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

එම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, කොරෝනා මර්දන එන්නත් ලබාගත් පුද්ගලයින්ට පමණක් එරට ආපනශාලා වෙත යාමට සහ පොදු ස්ථානවලට ඇතුළු වීමට අවසර හිමිවනු ඇති. 

මේ අතර මේවනවිට ලොව රටවල් 106 කින් ඕමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය පවසන්නේ යුරෝපයට ඔමික්‍රෝන් කුණාටුවක් හමා යනු ඇති බවයි.