Saturday, April 27, 2024

General line - 0115112241

වසර 04කට පසු මැලේරියා රෝගීන් දෙදෙනෙකු හමුවෙයි




වසර 04කට පසු පළමු වරට මෙරටින් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්ධන ඒකකය පවසනවා. 

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ යාපනය ප්‍රදේශයෙන් මෙම ආසාදිතයා වාර්තා වී ඇති බවයි. 

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර වැඩිදුරටත් පැවසුවේ කඩිනමින් මලේරියා පරීක්ෂණයක් සිදු කරන්නැයි අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණ ඇති පිරිස් වෙත දන්වා ඇති බවයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්ධන ඒකකය සඳහන් කළේ ඉදිරියේදී යාපනය ආශ්‍රීත ප්‍රදේශයේ මැලේරියා පරීක්ෂණ වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.