Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ භූකම්පනයක්




ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි වෙරළේ ඊසාන දිගට වන්නට කිලෝමීටර් 302ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

රිච්ටර් මාපාංක 4.3ක අගයක් ගත් මෙම භූකම්පනය අද පස්වරු 6.44ට පමණ සිදුව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.