Sunday, May 5, 2024

General line - 0115112241

සියලුම රාජ්‍ය සේවකයින් 03 වනදා සිට සේවයට කැඳවීමේ තීරණයක්




ජනවාරි 03 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා. 

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි. 

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී සිමා කිරීම් සිදු කෙරුණා. 

පසුගිය කාලය පුරා රාජ්‍ය සේවයට කැඳවනු ලැබුවේ ඒ ඒ ආයතනයන්හි අවශ්‍යතාව මත අත්‍යවශ්‍ය සේවකයින් පමණයි.