Wednesday, May 8, 2024

General line - 0115112241

ආර්ථික අභියෝග, රට යළි ගොඩනැගීමට අවස්ථාවක් කර ගන්නැයි මහනාහිමිවරුන්ගෙන් ප්‍රකාශයක්




රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළයතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් පවසනවා. නව වසරට ආශිර්වාද කරමින් උන්වහන්සේ අවධාරණය කළේ රට ගොඩනැගීම සදහා පාලක පාලිත දෙපක්ෂයම එකට එක්විය යුතු බවයි.

මතුව ඇති ආර්ථික අර්බුදය රට ජයග්‍රහණය කරා රැගෙන යාමේ මාවත බවට පත්කර ගතයුතු බවයි මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන් පෙන්වා දුන්නේ.