Monday, April 29, 2024

General line - 0115112241

ඩෙල්ටා අභිබවා රටතුළ ඔමික්‍රොන් පැතිරීමේ අවධානමක්




ඉදිරි සති කිහිපයදී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය අභිබවා ඔමික්‍රෝන් ප්‍රභේදය රටතුළ පැතිර යාමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ අද අනතුරු අගවා සිටියා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ වැඩිදුරටත් පැවසුවේ සමාජය තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයමින් ඇති බවයි. 

මේ වනවිට සමාජයේ තැනින් තැන ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වන බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පැවසුවේ. විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙන්ම සමාජයෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වන තත්ත්වයක් පෙන්නුම් කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.