Monday, April 29, 2024

General line - 0115112241

ආහාර හිගයක් ගැන රාජ්‍ය ඇමතිවරයෙකුගෙනුත් ඉගියක්




නව වසරක් ආරම්භ වුවද වෙළදපොලේ එළවලු මිල ගණන් තවමත් පවතින්නේ ඉහල අගයකයි. බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වන්නේ පිපිඤ්ඤා, වට්ටක්කා, රාබූ සහ තක්කාලී හැර සෙසු සෑම එළවලුවකම කිලෝ 01ක තොග මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් ඇති ආකාරයයි. අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් 1,200ත් අතර මිලක පවතිනවා.

මෙවන් පසුබිමක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ රජය ගත් වැරදි තීන්දුව හේතුවෙන් ආහාර හිඟයක් ඇති වීමේ බරපතළ තත්ත්වයක් උද්ගතව ඇති බවයි. එබැවින් ඉදිරි කන්නය තුළ නිවැරදි තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් බවයි ඔහු පැවසුවේ.  

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති උත්සවයකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ රජයෙන් ලබා දුන් කාබනික පොහොර භාවිත කිරීමේන් අස්වැන්නේ යම් අඩුවක් ඇතිව තිබෙන බව පරීක්ෂණවලදී ඔප්පු වුවහොත් පමණක් වගා හානී වන්දී ලබා දීමට රජය කටයුතු කරන බවයි. 
කෙසේවෙතත් මෙම තීරණයට ගොවි වෘත්තීය සමිති පළ කරන්නේ දැඩි විරෝධයක්.