Monday, April 29, 2024

General line - 0115112241

සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි




සුඩාන අගමැති අබ්ඩල්ලා හැම්ඩොක් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ජනතාව විසින් සිදු කළ උද්ඝෝෂණ වලින් අනතුරුවයි.

අගමැතිවරයා විසින් ඉකුත්දා සුඩානයේ බලය බෙදා ගැනීම සඳහා එරට හමුදා නායකයින් සමග එකඟතාවයකට පැමිණියා. එහෙත් එරට ජනතාව ඊට දැක්වූයේ දැඩි විරෝධයක්. ඉකුත් ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව සිවිල් පාලනය නෙරපා බලය ලබා ගැනීමට හමුදා නායකයින් කටයුතු කළා. 

එහෙත් ජනතාව පවසන්නේ හමුදා පාලකයින් ඉවත්වී සම්පූර්ණ සිවිල් පාලනයක් රට තුළ ස්ථාපිත කළ යුතු බවයි. එම උද්ඝෝෂණ පාලනය කිරීමට හමුදාව උත්සාහ කිරීමේදී සාමාන්‍ය වැසියන් දෙදෙනෙකුට සිය ජිවතයෙන් වන්දි ගෙවීමට ද සිදුවුණා. 

සුඩාන අගමැති හැම්ඩොක් ඉවත්වීමත් සමග එරට පාලන බලය මේ වන විට සම්පූර්ණයෙන් හමුදාව අතට පත්ව තිබෙනවා.