Monday, April 29, 2024

General line - 0115112241

ලාෆ් ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට තවත් සති 03ක් - සභාපති කියයි




ගෑස් පෝලිම් සහ ගෑස් අනතුරු හේතුවෙන් මතු වූ භූමිතෙල් පෝලිම්, නව වසරේ ගතවන තුන්වන දිනය වන අදත් දිවයිනේ ප්‍රදේශ රැසක දැක ගත හැකි වුණා. ගෑස් ප්‍රශ්ණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ගෑස් ප්‍රශ්ණය සම්බන්ධයෙන් බලධාරීන් දක්වන ප්‍රතිචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. 

මෙවන් පසුබිමක ලාෆ් ගෑස් සමාගමේ සභපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය පැවසුවේ වෙළදපොළට ප්‍රමාණවත් පරිදි ලාෆ් ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට තවත් සති 03ක කාලයක් ගතවන බවයි.

මේ අතර රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් කර්මාන්ත රැසකට ද මේ වන විට බලපෑම් එල්ලවී තිබෙනවා. ඒ අනුව ටයිල් සහ පෝසිලේන් නිෂ්පාදන මෙන්ම මහා පරිමාණ බිස්කට් කර්මාන්තශාලා, මුරුක්කු හා බයිට් වර්ග මෙන්ම රස කැවිලි නිෂ්පාදනය, දේශීය බතික් කර්මාන්තය, ලොන්ඩි්‍ර කර්මාන්තය මේ අතරින් විශේෂයි. පදික මාරු සඳහා යොදාගන්නා සුදු ඉරි මෙන්ම මාර්ගය දෙපස සලකුණු කර ඇති ඉරි ඇතුලු මාර්ග සලකුණු ලකුණු කිරීමට ද ගෑස් හිඟය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති බවයි නෙත් නිවුස් අද උදෑසන අනාවරණ කළේ.