Thursday, May 2, 2024

General line - 0115112241

මාවනැල්ල සහ බලංගොඩ සභාපතිවරුන් දෙදෙනාට පුටු අහිමි වෙයි




මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා එම ධූරවලින් ඉවත් කර තිබෙනවා. ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. 

එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජයවීම ඊට හේතුවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන කුමාර ජයවර්ධනට සහ එම පක්ෂයම නියෝජනය කළ බලංගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණිට මෙලෙස ධූර අහිමි වුණා. 

ඒ අනුව අයවැය යෝජනාව යළි ඉදිරිපත් කර සම්මත කරගන්නා තෙක් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලතල උප සභාපතිවරයා යටතට පවරන බවත්, බලංගොඩ නගර සභාවේ පාලන කටයුතු පවත්වාගෙන යාමේ බලය උප සභාපතිවරයාට පවරන බවත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.