Thursday, May 2, 2024

General line - 0115112241

දීර්ඝ නිවාඩුවෙන් මෙරට කොවිඩ් අවදානම ඉහළ නගී




දින 4 ක දීර්ඝ සති අන්ත නිවාඩුවේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිත අයුරින් ගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වෛරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ පිරිස් නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එකිනෙකාට ඉතා සමීපව කටයුතු කිරීම අවදානම් බවයි. මෙවන් තත්වයක් තුළ ජනතාව අනාරක්ෂිතව කටයුතු කිරීම තුළින් ඉදිරියේදී ආසාදිත සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මාධ්‍යවේදීන් දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසීරීම සම්බන්ධයෙන් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානිගෙන් විමසීමක් කළා.

මේ අතර පෝර්ට් සිටිය නැරඹීම සදහා අද දිනයේ විශාල පිරිසක් රැස්ව සිටින ආකාරයද දැකගත හැකි වුණා.