Thursday, May 2, 2024

General line - 0115112241

ඩොලර් මිලියන 500 ණය ගෙවූ ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක් ණයට ගනී




අද දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් මහ බැංකුව විසින් ගෙවා දැමීමට කටයුතු කරනු ලැබ තිබෙනවා. 

සිය නිල ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ බව අද දැනුම් දුන්නා. කෙසේවෙතත් ලබන ජූලි මාසයේදීද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතුයි.

මේ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබාදෙන බව ඉන්දියාව තහවුරු කර තිබෙනවා. 

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල නෙත් නිවුස් වෙත කියා සිටියේ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඉදිරියේදී සිදුවන බවයි. 

හදිසි ඉන්ධන මිලදී ගැනීමක් සඳහා ඉන්දියාව මෙම ණය මුදල ලබාදීමට එකඟවූ බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ද අද තහවුරු කළා.