Thursday, May 2, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරුවරුන් ලෙඩ වෙයි 




අඛණ්ඩ විදුලි උත්පාදනය දැඩි අර්බුදයක පවතින මේ මොහොතේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා. 

ඒ, ලංකා විදුලිබල මණ්ඩලයට අත්තනෝමතික ලෙස වැඩබලන සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින්. මේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න.

කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී මහාචාර්ය සුසන්ත පෙරේරා අද ප්‍රතිචාර දැක්වුවා.

විදුලි ඉංජිනේරුවරුන් අද දහවල් ලංකා විදුලිබල මණ්ඩල කොළඹ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක ද නිරත වුණා.