Thursday, May 2, 2024

General line - 0115112241

2029 තෙක් රටේ ආර්ථිකය අවදානමක




2012 වසරේ සිට 2019 දක්වා කාලය තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා ලබාගත් ණය වෙනුවෙන් වූ ගෙවීම් 2029 දක්වා ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ 2029 දක්වා කාලය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දුෂ්කර කාලයක් වනු ඇති බවයි. 

බැදුම්කරවලට අදාළ ණය පියවීමෙන් රටේ නිළ සංචිත පහළ යන බවයි ප්‍රකාශ කෙරුණේ. 

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ පවතින ණය අර්බුදය විසදා ගැනීමට  ශ්‍රී ලංකාව වඩාත් පැහැදිලි විකල්පයකට යායුතු බවයි.

ශ්‍රී ලංකා රජය ඊයේ දිනයේදී 2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගෙවා දැමුවා.