Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මැතිසබයේදී ස්වාධීනවීමේ සූදානමක්




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නියෝජිතයින් අතර පවත්වා ඇතැයි වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දැනුම් දීමට තීරණය කළ බවයි පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය පලුදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් අමාත්‍යධූර දරණ සාමාජිකයින් එම තනතුරුවලින්  ඉවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම අදාළ අමාත්‍යවරුන්ට පවරා ඇති බවටයි වාර්තා වන්නේ. ආණ්ඩුවෙන් ඉවත් වන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවටද වැඩිදුරටත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පවතින ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා.