Thursday, May 2, 2024

General line - 0115112241

අමෙරිකාවත් ඉලක්ක කළ හැකි බලගතුම මිසයිලයක් උතුරු කොරියාවෙන්




2017 වසරෙන් පසු තමන් අත්හදා බැලූ වඩාත් ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත්අහදා බැලූ බව උතුරු කොරියාව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා. 

ඒ, මිසයිලයේ සවිකරන ලද කැමරාවකින් අභ්‍යවකාශයේ සිට ලබාගත් කොරියානු අර්ධද්වීපයේ ඡායාරූප රැසක් ද ගෙනහැර දක්වමින්. 

“හවාසොංග්-12” ලෙස නම් කර ඇති මෙය අතරමැදි දිගුදුර බැලැස්ටික් මිසයිලයක්. එය සම්පූර්ණ බලය යොදා සැතපුම් දහස් ගණනක් ගමන් කළ  හැකි මිසයිලයක් වන අතර මෙම මිසයිලයේ පළමු පරීක්ෂණයේදී එය ගමන් කර ඇති දුර කිලෝමීටර 2,000 ක්. ඊට සම්පුර්ණයෙන් කිලෝමීටර් 4,000 ක දුරක් ගමන් කළ හැකි බවයි උතුරු කොරියානු රජය පවසන්නේ. 

අමෙරිකානු භූමි ප්‍රදේශයක් වන ගුවාම් වෙත ද පහසුවෙන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මෙම මිසයිලයට ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්. 

අමෙරිකාව, ජපානය හා දකුණු කොරියාව මෙන්ම බටහිර රටවල් රැසක් ද උතුරු කොරියාවේ ක්‍රියාකාරිත්වය දැඩිව හෙළා දකිමින් ඇති පසුබිමක වුවද ඉකුත් මාසයක් තුළ පමණක් උතුරු කොරියාව අත්හදා බලා ඇති මිසයිල සංඛ්‍යාව 07 ක්.