Thursday, May 9, 2024

General line - 0115112241

බුස්සේදී යකඩ යකාට ජිවිත 04ක් බිළිවෙයි 




බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය ට බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී  ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බූස්ස, වැල්ලබඩ පදිංචි එකම පවුලේ පියා, පුතා සහ පුතාගේ බිරිඳ සහ බිරියගේ මව බවයි 

අද පෙරවරුවේ මෙම පිරිස ගමන්ගත් ත්‍රීරෝද රථය වැල්ලබඩ, රිල්ලඹ හන්දිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජින දුම්රියේ ගැටී තිබේ.

එම ස්ථානයේදීම තිදෙනෙකු මියගොස් ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇත.