Monday, April 29, 2024

General line - 0115112241

රටට ඩොලර් ගේන ජවිපෙ රහස හෙළි කරයි




මේ වන විට රට මුහුණ දෙන බොහෝ ප්‍රධාන ප්‍රශ්නවලට ප්‍රධාන ගැටලුව වී ඇත්තේ මෙරට විදේශ විනිමය අර්බුදයයි. 

අන් කවරදාකටත් වඩා මේ වන විට මෙරට විදේශ සංචිත පහළ ගොස් ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම පවා අවධානමකට හෙළමින්. 

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පවා මේ වන විටත් දින ගණනක් වරායේ සිරවන තත්ත්වයක් මතුව තිබෙනවා. ඩොලර් අර්බුදයෙන් ඖෂධ මෙන්ම ඉන්ධන ආනයනයට ද බලපෑමක් එල්ලකර අවසන්. 

වර්තමානයේ මුහුණ දෙන ඩොලර් ප්‍රශ්ණයට මීට පෙර රාජ්‍ය පාලනය හෙඹවූ සියලු පාර්ශවයන් ද වගකිව යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
එවන් පසුබිමක දේශපාලක වේදිකාවේත් රටේ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. 

විපක්ෂයේ දේශපාලනඥයින්ගෙන් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් එල්ලවන්නේ දැඩි විවේචනයක්. 

ඒ අනුව යම් හෙයකින් ඔවුන්ට රටේ පාලන බලය හිමිවුවහොත් ඩොලර් ප්‍රශ්ණය විසදන්නේ කෙසේදැයි නෙත් නිවුස් විපක්ෂයෙන් සෘජුව ප්‍රශ්න කළා. 

අද එම ප්‍රශ්ණාවලිය හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. මේ එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස.