Thursday, May 2, 2024

General line - 0115112241

වසර 02 කට පසු දේශසීමා විවෘත කිරීමට නවසීලන්තය තීරණය කරයි




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැඩි සෞඛ්‍ය රෙගුලාසි පැනවීම හේතුවෙන් වසා දැමුණු නවසීලන්තයේ දේශසීමා යළි විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ, වසර 02 කට අධික කාලයකින් පසුවයි. 

ඒ අනුව ලබන 27 වනදා සිට නවසීලන්තයේ දේශසීමා අදියර 05 ක් යටතේ විවෘත කෙරෙනු ඇති. කෙසේවෙතත් නවසීලන්තය සිය දේශසීමා සම්පූර්ණයෙන් විවෘත කිරීම ලබන ඔක්තෝම්බර් මාසය දක්වා කල් දමා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

දේශසීමා විවෘත කිරීමේ පළමු අදියර යටතේ ඔස්ටේ්‍රලියාවේ වෙසෙන කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබාගත් නවසීලන්ත වැසියන්ට ලබන 27 වනදා සිට සිය රටට ඇතුළුවීමට අවසර හිමිවනු ඇති. එමෙන්ම ලොව පුරා වෙසෙන එන්නත්කරණයට ලක්වූ නවසීලන්ත වැසියන්ට මාර්තු 13 වනදා සිට සිය රටට ඇතුළුවිය හැකි බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් ප්‍රකාශ කළා.

විදෙස් රටවල සිසුන් සඳහා නවසීලන්තයට ඇතුළුවීමට අවසර හිමිවන්නේ අප්‍රේල් මස 12 වනදා සිටයි. කෙසේවෙතත් නවසීලන්තයට ඇතුළුවන සියලුදෙනා තවදුරටත් දින 10 ක කාලයක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුවිය යුතු වනවා. ඔවුන් එම කාලය තුලදී රජයට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටීම අනිවාර්යය නොවන බවයි නවසීලන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.