Thursday, May 2, 2024

General line - 0115112241

ශීත සෘතු ඔලිම්පික් උළෙල චීනයේ බීජිං නුවරදී ඇරඹෙයි 




ශීත සෘතු ඔලිම්පික් උළෙල චීනයේ බීජිං නුවරදී අද ආරම්භ වුණා. එය ලබන 20 වනදා තෙක් ක්‍රියාත්මකයි. 

මෙම විචත්‍රවත් සමාරම්භක උත්සවය අද පැවැත්වෙන අතර නිල වශයෙන් තරඟ ආරම්භය හෙට අලුයම සිට සිදුවනවා. මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙලට තරඟ 15 ක් ඇතුලත්. 

ඒ වෙනුවෙන් රටවල් 88 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදීමට නියමිතයි. මේ වසරේ පැවැත්වෙන්නේ 24 වන ශීත සෘතු ඔලිම්පික් උළෙලයි. 

චීනය තුළ මෙලෙස ශීත සෘතු ඔලිම්පික් උළෙලක් සංවිධාන කෙරෙන්නේ දැඩි කොවිඩ් රෙගුලාසි මධ්‍යයේයි. ඒ අනුව සියලු තරඟ ඉසව් පැවැත්වෙන්නේ එක් නගරයක් තුළ පමණයි. එමෙන්ම චීනයේ මානව හමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව, බ්‍රිතාන්‍ය  ඇතුලු රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයිකයින් මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ නැහැ. මෙම රාජ්‍ය තාන්ත්‍රිත වර්ජනය අතිශය දේශපාලනික බවටයි චීනය චෝදනා කරන්නේ. 

ඒ අනුව දශක කිහිපයක් තුළ පැවති වඩාත් බෙදීමටම ලක්වූ ඔලිම්පික් උළෙල ලෙස මෙය සැලකෙනවා.