Monday, May 6, 2024

General line - 0115112241

පකිස්ථාන සිමෙන්ති තවත් සති තුනකින් වෙළදපොලට




රජය විසින් ආනයනය කරනු ලබන සිමෙන්ති තොග තවත් සති 03ක් තුළ වෙළදපොලට නිකුත් කරන බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කිර්ති රංජිත් අබේසිරිවර්ධන පැවසුවේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500කට අඩු මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි. 

මේ වන විට වෙළදපොලේ පවතින සිමෙන්ති හිගය ඇතැම් සමාගම් විසින් කළ මවා පෑමක් බවයි ගාඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කිර්ති රංජිත් අබේසිරිවර්ධන වැඩිදුරටත් පැවසුවේ.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාවය කොට්ට ලක්ෂ 140ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන සිමෙන්ති කොට්ට ප්‍රමාණය සියයට 40ක්. සමාගම් දෙකක් මෙරට අවශ්‍යතාවයෙන් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයන කර මෙරටදී ඇසුරුම් කළ බෙදාහැරීම සිදු කරනවා. 

තවත් සියයට 10ක ප්‍රමාණයක් සිමෙන්ති කොට්ට ලෙසම ආනයන කර මෙරට බෙදා හැරීම සිදු කරනවා. මෙරට නිෂ්පාදනය කෙරෙන සිමෙන්ති කොට්ටයක සඳහන් මිල රුපියල් 1,375ක්. ආනයනය කර මෙරට බෙදා හැරීම සිදු කෙරෙන සිමෙන්ති කොට්ටයක මිල සඳහන් වන්නේ රුපියල් 1,575ක් ලෙසයි.