Friday, May 10, 2024

General line - 0115112241

හින්දු ව්‍යාපාරිකයෙකු පහරදී ඝාතනය කිරීමට එරෙහිව පකිස්තානයේ විරෝධතා




පකිස්තානයේ  ලර්කානා ප්‍රදේශයේ දී හින්දු ආගමික ව්‍යාපාරිකයෙකු පහර දී ඝාතනය කිරීමට එරෙහිව එර⁣ට සින්ද් ප්‍රාන්තයේ විරෝධතා ආරම්භ වී ඇතැයි වාර්තා වනවා.

පසුගිය ජනවාරි 31 වනදා ,සටාන් දාස් නම් මෙම ව්‍යාපාරිකයා පහර දී ඝාතනය කළ මැර පිරිසක් ඔහුගේ පුතුට ද පහර දී බරපතල තුවාල සිදුකර තිබුණා. සිදුවීමෙන් දින ගණනාවක් ගතව ඇතත්, මෙතෙක් සැකකරැවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකර නොමැති බවටයි ප්‍රදේශයේ හින්දු ජනතාව චෝදනා කරන්නේ.

ඒ අනුව ඔවුන් විසින් ,මෙම ඝාතනයට විරෝධය,පළකිරීම සදහාත්, සැකකරැවන් අත්අඩංගුවට ගැනීමට බලකිරීම සදහාත් විරෝධතා ආරම්භ කර ඇති බව සදහන්. හින්දු , ක්‍රිස්තියානි , සීක්,අහමදියා ඇතුළු සුලු ජනවර්ගවලට පකිස්තානය දිනෙන් දිනම අනාරක්ෂිත වෙමින් ඇති බවට  චෝදනා එල්ල වෙමින් තිබෙනවා.

පසුගිය දිනක පෙෂාවෝර් හි දී ක්‍රිස්තියානි පූජකරැවන් දෙදෙනෙකු ඉලක්ක කරගෙන ද ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී එක් පූජකවරයෙකු මියගියා.