Tuesday, May 7, 2024

General line - 0115112241

සෞඛ්‍ය උපදෙස් කඩ කළ තවත් 1,079 කට පොලීසියෙන් අවවාද




සෞඛ්‍ය උපදෙස් කඩ කළ තවත් පුද්ගලයින් 1,079 දෙනෙකුට පොලීසිය විසින් අවවාද කර තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීම පරීක්ෂා කිරීමේ මෙහෙයුමේදීයි. 

යතුරුපැදි 2,853 ක් සහ ත්‍රීරෝද රථ 1,808 ක් එම මෙහෙයුමේදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. 

එම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 663 දෙනෙකු අනුයුක්ත කර සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.