Tuesday, May 7, 2024

General line - 0115112241

තවත් 39,000 කට බූස්ටර් මාත්‍රාව




මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 39,772 දෙදෙනෙකුට ඊයේ දිනයේදී බූස්ටර් මාත්‍රාව ලබාදී තිබෙනවා. 

ඒ අනුව මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන පනස් හත් ලක්ෂ 77,838 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 1,411 දෙනෙකුට ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී තිබෙනවා. 

ඊයේ දිනයේදී එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1,156 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.