Thursday, May 2, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ රජ පවුලට යළි කොවිඩ් බියක්




බ්‍රිතාන්‍යයේ රජ පවුලට යළි කොවිඩ් බියක් මතුව තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු දෙවැනි වරටත් කොවිඩ් ආසාදිතයකු වී ඇතැයි තහවුරු වීමත් සමඟයි. වෛද්‍ය උපදෙස් අනුව චාල්ස් කුමරු හුදෙකලා වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

රජ පවුලේ කොවිඩ් බිය වඩාත් තීවෘ කිරීමට හේතුවී ඇත්තේ චාල්ස් කුමරු මීට දින දෙකකට පෙර එළිසෙබත් මහ රැජිණ මුණගැසී තිබීම හේතුවෙන්. කෙසේවෙතත් මහ රැජිණට කොවිඩ් පරීක්ෂණයක් සිදු කර ඇත්දැයි රජ පවුල තහවුරු කර නැහැ.

2020 මාර්තු මාසයේදී චාල්ස් කුමරු පළමු වරට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. එම අවස්ථාවේදී ද ඔහු ස්වයං නිරෝධායනයට ලක්වු අතර, රෝහල්ගතවීමක් සිදුවූයේ නැහැ. දෙවැනි වරටත් කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනෙද්දී චාල්ස් කුමරු පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව බූස්ටර් එන්නත ද ලබා ගෙන සිටි බවයි බි්‍රතාන්‍ය රජ පවුල නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

චාල්ස් කුමරු දෙවැනි වරටත් කෝරෝනා වෛරස ආසාදිතයකු යැයි හඳුනා ගැනීම සිදුවූයේ අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවයි.